About Me

DON'T MISS
Loading...

Bulbbul (2020) Sinhala Subtitles | අත්භූත මරණයන් [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




  : 2020

Bulbbul
(2020) on IMDb

  : Tripti Dimri, Avinash Tiwary, Rahul Bose

 : Hindi

 : Anvita Dutt


Bulbbul නරඹන විට එහි අන්තර්ගතයට සමාන තේමාවන් අඩංගු වූ චිත්‍රපට ද්විත්වයක මතකයන් නැවතත් අවදි කළා. එම චිත්‍රපට වන්නේ රිතුපර්නෝ ගෝෂ් අධ්‍යක්ෂණය කළ ‘චෝකර් බාලී’ සහ දීපා මෙහ්තාගේ ‘වෝටර්’. මෙම චිත්‍රපට ද්විත්වයම ඉන්දීය කාන්තාව, පුරුෂ මූලික සමාජය, ළමා විවාහයන් සහ පටු සංස්කෘතික ආකල්පයන්ට විරුද්දව ප්‍රභල සමාජ කතිකාවන් ගොඩනැගූ චිත්‍රපට. එපමණක් නොව මෙය සැබවින්ම ඉන්දීය සමාජයේ සැබෑ නිරුවත පෙන්නුම් කළා. Bulbbul චිත්‍රපටයේද මෙම චිත්‍රපට ද්විත්වයේ තේමාවන් ඇතුලත් වුනත්, තරමක් සැබෑ ලෝකයෙන් බැහැරවී යථාර්තවාදී ෆැන්ටසි ලෝකයකට ගෙන යනවා. ප්‍රේක්ෂකයාව එක්තරා ෆැන්ටසි ලෝකයකට රැගෙන ගියත් මෙම ලෝකය එතරම්ම සුන්දර නැත. මෙම සුන්දර නොවන ෆැන්ටසිය හරහා නැවතවාරයක් ඉන්දීය ගැහැණිය පිලිබඳ ප්‍රභල කතිකාවක් මෙම චිත්‍රපටයේ පෙන්නුම් කළා. මෙහිදී අපට බුල්බුල්ගේ පැතිකඩවල් කිහිපයක් පෙන්නුම් කරනවා. එක් අවදියක ඇය හයක් හතරක් නොතේරෙන කුඩා දැරිවියක්, තවත් අවදියක ඇයගේ සැමියා වටා ගෙවෙන ඒකාකාරී ලෝකයෙන් මිදෙන්නට උත්සහ කරන යුවතියක් සහ විටෙක ඇය නිදහස භුක්ති විඳීමට වෙර දරණ ගැහැණියක් මෙන්ම කාලී මෑණියන්ගේ ප්‍රතිරූපයක් ලෙසද පෙන්නුම් කරනවා. 

කතාව ආරම්භ වන්නේ 1881 බෙංගාල් ප්‍රාන්තයේ සිදුවීමට නියමිත විවාහ මංගල්‍යකින්. මෙය බුල්බුල් සහ ඉන්ද්‍රනිල්ගේ විවාහ මංගල්‍යයයි. ඉතා අලංකාරව මාළිගාවක් වැනි නිවසක් ලස්සන වර්ණවත් වී තිබෙන ආකාරය දුටු විට මෙය මතුපිටින් සිත් ඇදගන්නාසුළු දර්ශනයක්. නමුත් සියල්ලම කණපිට පෙරලෙන්නේ බුල්බුල් අව්රුදු පහක, වැඩිවියටවත් නොපැමිණි කුඩා දැරියක් ලෙස ප්‍රේක්ෂකයාට හඳුන්වා දීම තුලින්. ඇයට සිදුවන්නේ කුමක්ද යන කාරණය පිලිබඳ කිසිදු අවබෝදයක් නැති බුල්බුල්ගේ කුඩා දඟකාරකම් දුටුවිට, මාගේ සිත තුල ඇති කළේ විස්තර කළ නොහැකි කම්පණයක්. ඉන්ද්‍රනිල් යනු බුල්බුල්ට තුන් ගුණයකින් වැඩිමල් පිරිමියෙක්. එතරම් වයස් පරතරයක් ඇති පිරිමියෙකු සමග බුල්බුල් වැනි කුඩා දරුවෙක්, ජීවිතය බෙදා ගන්නේ කෙසේද? බුල්බුල් වැනි කුඩා දැරියකට,එවැනි පුද්ගලයෙක් තුලින් සැබෑ ආදරයක් හෝ රැකවරණයක් හිමිවේවිද? නැතිනම් ඇය තාම ස්වාමියාගේ ලිංගික අවශ්‍යතාවන් සපුරා ගැනීමේ භාණ්ඩයක්ද?. බුල්බුල්ගේ සැමියාට සහෝදරයින් දෙදෙනෙකු සිටිනවා. දෙවෙනි දෙවෙනි සහෝදරයා යම්කිසි මානසික රෝගී තත්වයකින් පෙළෙන අතර, තුන්වන සහෝදරයා බුල්බුල්ට වයස් කිහිපයකින් පමණක් වැඩිමල්. එම තුන්වන සහෝදරයා නමින් සත්‍යා වන අතර, බුල්බුල් ප්‍රථමයෙන්ම ඇයගේ සැමියා ලෙස හඳුනා ගන්නේ ඔහුවයි. සත්‍යා බුල්බුල්ගේ වයසට සමාන කෙනෙකු නිසා, ඔවුන් දෙදෙනා අතර සමීප සම්බන්දතාවක් ඇති වනවා. සත්‍යා බුල්බුල්ට කුඩා කාලයේදී භය සිතෙන කතාවක් කියනවා. අදහාගත නොහැකි භියකරු කතාවක් වූවත් මෙය බුල්බුල්ට යථාර්තයක් වනවා. බුල්බුල්ට මුහුණ දීමට සිදුවන එම යථාර්තය කුමක්ද? මේ සියල්ලක්ම ඇය ගැහැණු දරුවෙකු ලෙස උපත ලැබූ නිසාද?. මෙය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුමයි. 

මෙය අධ්‍යක්ෂණය සහ තිර රචනය කළ අන්විතා දත්, පසුගාමී ඉන්දීය සමාජයේ තාඩන පීඩන වලට ලක්වූ ගැහැණිය පිලිබඳ ප්‍රභල කතිකාවක් ගොඩනගනවා. මෙම චිත්‍රපටය 1881 අවදියේ ඉන්දියානු සමාජය පෙන්නුම් කළත්, මෙහි කතා තේමාවේ අන්තර්ගතය වර්තමානයටද බොහෝ සෙයින් වලංගුයි. මෙහි එක් සිත කැළඹු දර්ශනයකින් පසුව, බුල්බුල්ගේ නෑනා වන බිනෝදිනි ඇයට මෙවැනි යමක් පවසනවා. ‘මේ ලස්සන ඇඳුම් පැළඳුම් , ආභරණ සහ සැප පහසුකම් ගැහැණියෙකුට ලෙහෙසියෙන් ළඟා කර ගන්නට අපහසුයි. ඔය සිදුවීම ගැන ලොකුවට හිතන්න යන්නට එපා , නිශ්ශබ්දව සිටීම වඩාත් සුදුසුයි’. ගැහැණියකගේ කිසිදු වරදක් නැති වුනත්, ඇයගේ ආත්ම ගරුත්වය විනාශ කළ පිරිමියාව සාදරණය කරන සමාජය මෙයින් පෙන්නුම් කළා. එපමණක් නොව, බුල්බුල්ගේ නෑනාටද ඊට සමාන අත්දැකීමකින් අනතුරුව, ඇයටද මොනයම් හෝ වැඩිහිටියෙක් ප්‍රකාශ කළ දෙය එළෙසින්ම ඇය බුල්බුල්ටද ප්‍රකාශ කිරීමක් වන්නට පුළුවන්. මෑතකදී තිරගත වූ ‘තප්පඩ්’ චිත්‍රපටයේ අම්රිතා වීමට, දකුණු ආසියාතික සමාජයේ තරමක් අපහසු කාර්යක්. එම චිත්‍රපටයේ සුනීතාගේ චරිතය බුල්බුල්ට සම්බන්ද කරහොත්, එවැනි කාන්තාවන්ට ක්‍රමවේදයන් දෙකක් තිබෙනවා. අසාදාරණය හමුවේ පෙරළා පහර දීම නැතිනම් කාලි යක්ෂණිය තමන්ටම ආරූඩ කර ගැනීමයි. 

අන්විතා දත්ගේ අධ්‍යක්ෂණය සහ තිර රචනයද ඉතා ප්‍රභලයි. විශේෂයෙන්ම මෙහි තේමාවන් තුලින් ඉන්දීය කත පිලිබඳ ගොඩනගන කතිකාවන් ඉතා සාර්ථකව ඉස්මතු කර තිබුනා. ඒ සමගම මෙම කතිකාවන් මතු කිරීමට යොදාගත් දෙබස්ද චිත්‍රපටයේ කැපී පෙනුණ සාධකයක්. මා නරඹපු හින්දි චිත්‍රපට අතරින්, සිනමාත්මකබවින් ඉහලින්ම තැබිය හැකි චිත්‍රපටයක් බුල්බුල්. විශේෂයෙන්ම සිද්ධාර්ත් දිවාන්ගේ විශිෂ්ට කැමරාකරණය, අමිත් ට්‍රිවේදීගේ සංගීත නිර්මාණය සහ පසුතල නිර්මාණයන් චිත්‍රපටය පුරාවටම කැපී පෙනුණ අංගයන්. මෙහි රංගනයන්ද ඉතාම ඉහල මට්ටමක තිබුනා. බුල්බුල්ගේ චරිතයට පණපෙවූ ත්‍රිප්ති දිම්රී, එම චරිතයට උපරිම සාදාරණයක් ඉෂ්ට කළා. ආරම්භයේදී පුරුශාදිපත්‍යට යටත් යුවතියකගේ පටන් තමන්ගේ නිදහස සෙවීමට වෙර දරණ කාන්තාවක් වීමෙන් ඇයට අත්වන ඉරණම දක්වා ඇය පෙන්නුම් කළ රංගන පරාසයන් ඉතා ප්‍රභලයි. රාහුල් බෝස්ද තුලින්ද ඉතාම සුවිශේෂී රංගනයක් ඔබට දැක ගන්නට පුළුවන්. සිනමාවේ සිටින දක්ෂතම චරිතාංග නළුවෙක් බව ඔහු නැවතවාරයක් ඔප්පු කළා. අවිනාශ් තිවාරිද, සත්‍යා නම් එම කළු සදු මිශ්‍ර චරිතයේ ඔහුද විවිදත්වයෙන් යුත් රංගන පරාසයන් පෙන්වීමට සමත් වුනා. තවද බිනෝදිනි ලෙස රංගනයෙන් දායක වූ Paoli Dam, ගැහැණිය නිශ්ශබ්ද කරන සමාජයේ බොරු මවාපෑමක් කිරීමට සිදුවන කාන්තාව ඇය ඉතා අපූරුවට නිරුපණය කළා. 

චිත්‍රපටයේ අඩුපාඩු කිහිපයක්ද නෙත ගැටුණා. මෙහි Parambrata Chattopadhyay ඉදිරිපත් කළ චරිතයෙන් මීට වඩා යමක් ඇතුලත් වන්නට තිබුනා. Chattopadhyay මෙම චරිතයට සාදාරණයක් ඉෂ්ට කළත්, එම චරිතය වර්ධනයේදී මදිබවක් දැනුණා. තවද මෙහි අවසානය තරමක් කලබලෙන් අවසන් කරපු ස්වභාවයක්ද දැනුණා. ඒ කෙසේ නමුත් මෙහි කතාව අන්තර්ගතයේ ඇති විශිෂ්ටත්වය නිසා මෙය ඉහලින්ම නිර්දේශ කළ හැකි චිත්‍රපටයක්. 

My Rating: 8.5/10 

රමිත විමුක්ති.

 
Download Menu

 

 
 

 

 
 
1.1GB 720P HDRip පිටපත මෙතැනින් ලබාගන්න
 
1.9GB 1080P HDRip පිටපත මෙතැනින් ලබාගන්න


 


 
 
1.2GB 720P HDRip පිටපත මෙතැනින් ලබාගන්න
 
2.0GB 1080P HDRip පිටපත මෙතැනින් ලබාගන්න

 


 
 
1.1GB 720P HDRip පිටපත මෙතැනින් ලබාගන්න
 
2.0GB 1080P HDRip පිටපත මෙතැනින් ලබාගන්න


මෙම උපසිරසි HDRip පිටපත් සඳහා අදාල වේ









මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments