About Me

DON'T MISS
Loading...

Tall Girl (2019) Sinhala Subtitles | උස උන්ට ජයවේවා! [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2019

 IMDB Rate :  5.2/10

 Stars :  Ava Michelle, Griffin Gluck, Sabrina Carpenter

 Language :  English

 Director :  Nzingha Stewart


ඔන්න ඉතින් යාලුවනේ මම අද මගෙ යාළුවන්ට අරන් ආවේ වෙනස්ම විදියේ plot එකක් තියෙන සිතුවම් පටයක්. මේකේ නම Tall Girl .ඔවු ඔවු.උස කෙල්ලක් ගැන තමයි තියෙන්නේ. මමත් උස එකෙක්.ඉතින් ඉබ්බා දියට දානකොට ඇන්නාවේ මහත්තයෝ කීවලු මමත් මේක කරා)උස කෙල්ලෙක්ට සමාජය දක්වන ප්‍රතිචාරය එයාට එන බාධක මේකෙන් රස කරලා දෙනවා. 

ජෝඩි කියන්නේ ඉස්කෝලෙම ඉන්න උසම කෙල්ල.අවුරුදු 16 ට උස අඩි 6 කුත් අගල් 1 ක් වෙනවා.(මේ චරිතය රග දක්වන Ava Michelle ත් අඩි 6 අගල් එක හමාරක් උසයි.එයාව cast කරන්න හොයන තැනත් රස කතා තියෙනවා.පොඩ්ඩක් හොයල බලන්න.) 

ජෝඩි හරිම දුකෙන් ඉන්නේ එයාගේ උස ගැන.එයාට ලොකු කාලකන්නි සහගත බවක් දැනෙනවා.මොකද හැමෝම ආතල් එකට අරන් ඉන්නේ මේ අපේ අහිංසක ජෝඩි ව.එයා එක්ක යාලු වෙන්න එන කොල්ලෝ හිටන් මේ උස දැකල යනවා යන්නම. 

හැබැයි ජෝඩි ගැන ඩන්කල්මන් එහෙමත් නැත්තන් ජැක් ඩන්කල්මන් කියල එයා තරං වත් උස නැති බට්ටෙක් එයාට try කරා හැබැයි ජෝඩි හැමදාම පතාගෙන හිටියේ තමන්ට වඩා උස කොල්ලෙක්ට. 

දවසක් ජෝඩි ඉන්න ඉස්කෝලෙට උස නියම විදේශ ශිෂ්‍යයෙක් එනවා.දී කිරට බළලුත් සාක්කි.ජෝඩිට අර හැඩය ගැන පිස්සුවක් එනවා(මේක නම් පිස්සුවක් බන්)ඒකට දුෂ්ට ඩන්කල්මන් කරන දේවල්,ඔක්කොම එක්ක මේ කතාව කැටි වෙලා තියෙනවා විනාඩි 101 කට.මේකට IMDB අගය 5.2 ක් ලැබිල තියෙනවා.ඊට අමතරව සම්මාන දෙකකුත් නිර්දේශ වීම් 1 කුත් ලැබිල. 

කතාව බලන්න කලින් මේ වචන ගැනත් පොඩ්ඩක් හොයලම යන්න.කතාව රස විදින එක හොදටම කරන්න පුළුවන් වෙයි. 

*Golden Lock 
*Lebrone James 
*Smoothie 
*English muffine 
*Sky Scraper 
*Nunez Community collage 
*Green giant 
*UFC 
*Home coming 
*Serial killer. 

ඉතින් උස යටත් මිටි යටත් එක වගේම රස විදින්න පුළුවන් Comedy,Family හා Romance ගණයට අයත් මේ චිත්‍රපටිය බලන්න කියල ආරාධනා කරනවා. 

මේ චිත්‍රපටියේ 2 කොටසත් 2021 හෝ 2022 එනවලු ඉතින් ඒක අපු ගමන් සබ් ඔයාලට දෙන්න මේ හැමදාම කලින්ම උපසිරසි දෙන Movie-Hub එකෙන් සුදානම් වෙලා ඉන්නවා. 

මේක බලනකොට ඔයාගේ උස යාළුවා අමතක කරන්න නම් එපා.ඔයත් උස එකෙක්ද?එනම් ඔයා මේ ගැන හිතන දේකුත් පහලින් කියාගෙනම යන්න..................    😊

Download Menu

 

 
 
 
Userdrive Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

Racaty Links
 
 
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1.6GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

 

UTB Links
 
 
850MB 720P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
 
1.7GB 1080P WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments