About Me

DON'T MISS
Loading...

Sulthan (2021) Sinhala Subtitles | සුල්තාන් [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram


 Year :  2021

 IMDB Rate :  6.4/10

 Stars :  Karthi, Rashmika Mandanna, Napolean

 Language :  Tamil

 Director :  Bakkiyaraj Kannan

කොහොමද කට්ටිය? ඔන්න අද මම දමිළ චිත්‍රපටේකට තමයි උපසිරැසි අරන් ආවේ, මේක මම ආපු දවසෙම කරලා තියාගත්තා, එතකොට ඔරිජිනල් ආවාම දාන්න පුළුවන් නිසා, ඉතින් මේකේ නළුවයි නිළියයි ගැන කට්ටිය හොඳට දන්නවා ඇතිනෙ, ඊටකලින් අපි ෆිලුම ගැන බලමු, 

නමින් මේක Sulthan (2021) වනවා. ඉතින් මං මේකේ සබ් එක කරලා ආසාවටම ගිහින් සිනමාශාලවෙත් මේක බැලුවේ, ඇත්තටම නියම ෆිලුමක්, මගේ නම් හිරිගඩුත් පිපුණා අන්තිම ටිකේදි ඇත්තටම, ඉතින් මේකට IMDB අගය 6.2ක් ලැබිලා තියෙනවා, තව මේක නිකුත් වුනේ අප්‍රේල් 2 වන දිනයි, අද තමයි ඔරිජිනල් එක එළියට දැම්මේ, ඉතින් මේකේ රඟපාන්නේ කාර්ති (සූර්යාගේ මල්ලි), රශ්මිකා මන්දනා (ගීතා ගෝවින්දම් ෆිලුමේ නිළිය සහ මුළු ඉන්දියාවෙම ක්‍රශ් එක), රාමචන්ද්‍ර රාජු (කවුරුත් දන්න KGF ෆිලුමේ මැරයට ඉන්න කෙනා), තව නැපෝලියන්, ලාල්, යෝගි බාබු, සතීෂ්, නවාබ් ශා යන අයද මේකේ රංගනයෙන් දායක වෙනවා. 

ඉතින් කියන්න තියෙන්නේ අනිවාරෙන්ම මේක බලන්න ඇත්තටම හොඳයි, ඇත්තටම විනෝදාස්වාදයක් ගෙනත් දෙනවා, ඒත් එක්ක කොමෙන්ටුවක් දුන්නොත් තව තව වැඩියෙන් එන එන අලුත් ෆිලුම් ගෙන්නම්, එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්…… 

සේතුපති කියන්නෙ චෙන්නයිවල ලොකු මැරයෙක්, ඉතින් මෙයාට වැඩ කරන මැරයෝ 100ක් විතර ඉන්නවා, ඒ අතරින් ප්‍රධාන මැරයෝ කීපදෙනෙකුත් ඉන්නවා, ඒවගේම සේතුපතිට ඉපදෙන දරුවා තමයි සුල්තාන්, ඉතින් මෙයාට උගන්නලා මෙයාව රට යවලා ඉද්දි දවසක් කට්ටියවම බලන්න සුල්තාන් එනවා ගෙදර, ඉතින් ඒ එද්දි කනිමනූර් කියන ගමේ මිනිස්සු වගයක් තමන්ට ජයසීලන් කියලා කෙනෙක් කරදර කරනවයි කියලා තමන්ගේ භූමි ඉඩම් අරගන්න, ඒකට උදව් කරන්නැයි කියලා තමයි සේතුපතිට කියන්නේ, සේතුපති ඒකට කැමතිවෙනවා, ඒත් එක්ක පොලීසියෙනුත් වැඩේට බහිනවා ඒ මොකටද කියලා කිව්වොත් වැඩක් නැහැ ඒත් එක්ක ඒ වැඩෙ නිසා සුල්තාන්ටත් මේ ගමට යන්න වෙනවා, ඒ තමන්ගේ අය වෙනුවෙන් එතකොට තමයි මහා යුද්ධයක් පටන්ගන්නේ ඒත් එක්ක හොඳ විහිළුත් තියෙනවා මේකේ. එහෙනම් අපි බලමු සුල්තාන් ඒ ගමට ගිහිල්ලා මොනවා කරයිද කියලා, ඔන්න එහෙනම් අරන් බලන්න සුල්තාන්. සුබ දවසක්…. ජය වේවා!!!

Download Menu

 

 
 
 
Userdrive Links
 
 
700MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

2.6GB 1080P HDRip පිටපත මෙතැනින් ලබාගන්න

 

Racaty Links
 
 
700MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

2.7GB 1080P HDRip පිටපත මෙතැනින් ලබාගන්න

 

UTB Links
 
 
700MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

2.6GB 1080P HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි HDRip පිටපත් සඳහා අදාල වේ






මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments