About Me

DON'T MISS
Loading...

Joker (2019) Sinhala Subtitles | ලේ වැගිරුණු අපරාධ සහ විප්ලව [සිංහල උපසිරැසි සමඟ]

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@lankamoviehublk.com | * or Message our Facebook Page


Join With Us On Telegram




 Year :  2019

 IMDB Rate :  8.4/10

 Stars :  Joaquin Phoenix, Robert De Niro, Zazie Beetz

 Language :  English

 Director :  Todd Phillips


විවාදයකින් තොරව මෙම වසරේ හොදම චිත්‍රපටයක් ලෙස මෙය නම්කල හැක.එමෙන්ම කාලයකට පසු නරඹපු ඉහලම ගුණත්වයෙන් යුතු COMIC BOOK සිනමා නිර්මාණයක්.CBM එකක් වුවත් JOKER යනු COMIC චරිතය පාදක කරගනිමින් ගොඩනැගුනු REALISTIC සිනමානිර්මානයක්.එනම් මෙය COMIC වලට අනුකූල නොවන අධ්‍යක්ශකවරයා වන TODD PHILLIPSගෙම JOKER VERSION එකක් හා JOKER ORIGIN STORY එකක්ය.මන් මේ ගැන සදහන් කලේ සමහර අය කොමික් දැනීම නැතිකම නිසාම මෙය නැරඹීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතුකිරීම නිසාය.ඒ වගේම මේකෙ JOKERට පන පොවන JOAQUIN PHOENIX යනු මන් පෞද්ගලිකව ගොඩක්ම කැමති නලුවෙක්ය.ඒ වගේම VENICE FILM FESTIVAL හිදී හොදම චිත්‍රපටයට හිමි GOLDEN LION සම්මානයද JOKER චිත්‍රපටය ජයග්‍රහනය කලේ ප්‍රේක්ෂකයන්ගේ විනාඩි 8ක පමන අත්පොලසන් වරුසාවක් මධ්‍යයේය.මේ සියල්ලත් සමග ගොඩනැගුනු ඒ HYPE එක ඇත්තටම ඒ තරම් වට්නවද නැත්ද කියල බලාගන්න පුලුවන් වුනේ අදය. 

චිත්‍රපටය ගැන කතා කිරීමට දෑ බොහෝමයක් ඇත.නමුත් පලමුව සඳහන් කල යුතු ප්‍රධානම කරුණ වන්නේ මේ ලෙජන්ඩරි චරිතයට පනපොවන නළුවා එයට කෙතරම් දුරට සාධාරණයක් කරාද යන්න පිලිබදවයි.කෙටියෙන්ම කිව්වොත් මුළු ෆිල්ම් එකම ඩිපෙන්ඩ් වුනේ JOAQUINගෙ ඒ අතිවිශිස්ටතම රංගනය මත කිව්වොත් නිවැරදියි.ඔහුගේ රංගනය එතරම් විශිෂ්ටය.JOKER කිව්ව සැනින් අපේ මතකෙට එන්නෙ DARK KNIGHT හි JOKERට පනපෙවූ HEATH ගෙ JOKER වය.ඔහුගෙ එම රංගනය එතරම් අප මොලතුල කිදාබැසගත් එකකි.නමුත් අදින් පසු මට HEATH වෙනුවට JOAQUINව මතක්වනු ඇත.මෙය ඔවුන් දෙදෙනාව සැසදීමක් නොවේ.මෙය මාගෙ පුද්ග්ලික රුචිකත්වයයි.JOAQUIN ගේ PHYSICAL TRANSFORMATION එකේ සිට ඒ ඇග හිරිවට්ටන JOKER LAUGH එක දක්වා ඔහු PERFECTය.කතාව තුල JOKERට වඩා අප දකින්නේ ARTHUR FLECK කියන ඒ පුද්ගලයාවයි.මෙය අප දකින්නෙ පලමු වතාවටයි.JOKER , JOKER බවට පත්වීමට පෙර කතාව අප කිසිදා දැක නැත.මේ ඒ කතාවයි. 

ඊලගට මන් ආසම දේ වුනේ මෙහි CINEMATOGRAPHY , COLOURS AND CAMERA ANGLES කියන ටික.චිත්‍රපටය තුල ඇත්තේ එයටම ආවේණිකවූ DARK,DISTURBING CINEMATOGRAPHY එකකි.ආරම්භක දර්ශන පෙලෙන්ම එහි ඇති ඇග හිරිවට්ටන DARK ගතිය අපිට දැකගැනීමට හැකිවනු ඇත.ඒ වගේම බොහෝ දර්ශන වල PORTRAIT ස්වභාවයක් දැකගත හැකිවිය.එමෙන්ම බොහෝ දර්ශනවල මා ප්‍රියකල තවත් කරුනක් වූයේ අදාල SUBJECT එක CENTER කර ලබාගන්නා WIDE ANGLE SHOTS වලටය.මෙවැනි දර්ශන මා වැඩිහරියක් දැක තිබුනේ මාගෙ ප්‍රියතම අධ්‍යක්ශකවරයෙක් වන STANLEY KUBRICK තුලින්‍ ය.SHINING ෆිල්ම් එකෙ ගොඩක් මේක දැකගන්නට පුලුවන්.ඒ වගේම මේකෙන් දැනුනෙ MARTIN SCORSESEගෙ TAXI DRIVER ෆීලින් එක.ඒක TRAILERS වලින්ම මට දැනිච්ච දෙයක්.DARK TONE එක වගේම ඒ 1980 ගනන්වල පරිසරය හා ARTHUR FLECK කියන චරිතය තැන් කිහිපයක්දීම මා හට TAXI DRIVER හා TRAVISව සිහිපත් කිරීමට සමත්වුනා.තවත් මා දුටු විශේෂ ලක්ෂනයක් වූයෙ චිත්‍රපටය තුල ARTHURගෙ එහෙමත් නැත්නම් JOKERගේ හැසිරීම අස්තාවර හා තරමක් DISTURBING අවස්ථාවලදී කැමරාවත් හැසිරුනේ එහාමෙහා ගියෙ ඒ වගේම නිතර ගැස්සෙන UNSTABLE බවකිනි.මේ වගේ පොඩි පොඩි DRAMATIC MOVIE MATERIALS මන් කීයකටවත් කවදාකවත් CBM (COMIC BOOK MOVIE) එකක් හරහා බලාපොරොත්තු වූයේ නැත.එමෙන්ම එම එක්ක අවස්තාවල දැනෙන කම්පනයන් හා SHOCKING DISTURBING මේ සෑම විටකදීම එම PUNCH එක දෙගුන තෙගුන කරන්නට BACKGROUND MUSIC සමත්විය.SONG CHOICES වල සිට එම මිහිරි වයලින් වාදනය දක්වා වූ සියල්ලක්මද PERFECTය. 

ඊලග කාරනෙ තමා මේක OSCAR WORTHY MOVIE එකක්ද? OSCAR WORTHY PERFOMANCE එකක්ද කියන එක? ඒක බලලම තීරනය කරන්න කියන එක තමා මන්නම් කියන්නෙ.මගෙ පුද්ගලික අදහස මෙය OSCAR ලැබීම කෙසේවෙතත් ඉහත සදහන් කල AWARD දෙකටම අනිවාර්‍යයෙන්ම නිර්දේශ විය යුතුය.JOAQUIN ගෙ CAREER CHANGING PERFOMANCE එක වගේම TODD PHILLIPSගෙ විශිෂ්ටතම නිර්මාණය වන්නේ මෙයයි.ACTION හා CGI වලින් තොරව කොතරම් දුරකට CBM එකක් පමනක් විදිහට නොව චිත්‍රපටයක් ලෙස යාහැකිද යන්නට මෙය කදිම නිදසුනයි.ඒවගේම ප්‍රභල STORY එකකට හා STORY TELLING ක්‍රමයකට කලහැකි දේ පිලිබදව මෙය ඔබට වටහා දෙනු ඇත.JOKER විසින් පිලිඹිබු කරන සමාජය පිලිබදව කතිකාවත ඉතා පුලුල් එකකි.එය පිලිබදව වෙනමම පැය ගානක් කතා කල හැක.විටින් විට ඇග හිරිවැටෙන තැන් පසුකරමින් ගිය ගමනේ උද්වේගකර අවසාන පැය භාගය මා ගතකලේ හිදගෙන සිටි අසුන ගැට්ටේය.එම තත්ත්වය JAW DROPPING BREATHTAKING වගේ නම් වලින් මට හදුන්වා දිය හැක. 

පැය දෙකක කාලයක් මේ CINEMATIC MASTERPIECE එක තුල ගිලීගිය මන් JOKER චිත්‍රපටය දකින්නේ CINEMATIC ACHIEVEMENT එකක් විදිහටයි.එය සිනමාපටයකින් ඔබ බලාපොරොත්තු වන සියල්ල ලබාදෙනු ඇත.මෙහි වූ DRAMATAIC බව හා තරමක DISTURBING ගතිය නිසාම සමහරුන්ට ඒ තරම් තදින් නොදැනෙන්නට ඉඩ තිබුනත් JOKER යනු ඔය කාටවත් කිසිදා අමතක කල නොහැකි සිනමානිර්මානයක් බව මට සහතිකය! එබැවින් මෙය අනිවාර්‍යයෙන්ම නැරඹිය යුත්තක් සේ මා දකිමි! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම MASTERPIECE එකක් ලෙස මෙය මා දකිමි ! 


9.5 OUTTA 10 FROM ME!! 

#MOVIETALKS සිංහල 

අනුවාදය – දේවින්ද පෙරේරා (සිනමාවේදීන්)

 
Download Menu

 

 
 
 
Racaty Links
 
 
1.1GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරසි WEBRip පිටපත් සඳහා අදාල වේ








මෙහි ලබා දී ඇති චිත්‍රපට හා උපසිරුසි නොගැළපේනම් හෝ ලබා දී ඇති චිත්‍රපට පිටපත් වල ඩවුන්ලෝඩ් Links වැඩ නොමැතිනම් දකුණු පස පහළම ඇති Contact Us මගින් හෝ admin@lankamoviehublk.com යන E-mail ලිපිනය මගින් අපට දැනුම් දෙන්න.

SriLankan Premiere Movies Zone  -

Post a Comment

0 Comments